කැරොලින් ජුරිගේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ ගැලවෙන හැටි මෙන්න - SANDHA HIRU NEWS

Breaking

Monday, April 5, 2021

කැරොලින් ජුරිගේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ ගැලවෙන හැටි මෙන්න



 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ පළන්ඳවා එය බලහත් කාරයෙන් ගැලවීම කැරොලින් ජුරි ට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැති බවත් ඇය සිදුකර ඇත්තේ රටට විශාල රටට අපකීර්තියක් මෙන්ම, රූ රැජිණක් වශයෙන් කිසිවකු නොකරන පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් රෝසි සේනානායක කියා සිටිනවා.

මෙම තරඟය ජාත්‍යන්තර තරගාවලියක් බැවින් ලොව පුරා ප්‍රචාරය වන බවත්, මෙම සිදුවීම නිසා ලංකාවේ මෙන්ම ලෝක විවාහක රූ රැජින තරඟවලියේ ඇමැරිකාවේ සංවිධායක මණ්ඩලය ද අපහසුතාවයට පත් ව ඇති බැවින් තමන් මෙලෙස ඔවුන්ට පැමිණිළි කිරීමට පියවර ගත් බව ඇය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත සිය කණගාටුව පල කරන බවද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

No comments: