චන්දිමාල්ගේ මව, මාධවී වත්සලා ඇතුළු 06ක් පොලිස් අත්අඩංගුවට - SANDHA HIRU NEWS

Breaking

Sunday, June 6, 2021

චන්දිමාල්ගේ මව, මාධවී වත්සලා ඇතුළු 06ක් පොලිස් අත්අඩංගුවට


 රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එලෙස අත්අඩංගුව ගත් පුද්ගලයින් පිරිස අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

චන්දිමාල් ජයසිංහ ගේ මව, ජනප්‍රිය රංගධර ජැක්සන් ඇන්තනි ගේ දියණිය වන මාධවී ඇන්තනි සහ ඔහුගේ ස්වාමිපුරුෂයා, චන්දිමාල් ජයසිංහගේ රියැදුරු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.

කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

1 comment:

3DTRIXS said...


The arrest of Chandimal's mother and six others by the police is certainly a surprising development. I wonder what could have led to their arrest and what implications this might have for Chandimal himself. The situation calls for more information to understand the full context.