ඇත්තටම ගිය ඉරිදා ඇම්බියුලන්ස් ගුවන් යානයෙන් සිංගප්පූරු ගියේ කවුද? (Photos) - SANDHA HIRU NEWS

Breaking

Friday, August 20, 2021

ඇත්තටම ගිය ඉරිදා ඇම්බියුලන්ස් ගුවන් යානයෙන් සිංගප්පූරු ගියේ කවුද? (Photos)


 

අගෝස්තු 15වෙනි ඉරිදා කටුනායක ගුවන් තොටුපලට හදිසියේම ආපු ගිලන් රථ ගුවන්යානයකින් මේ රටේ ප්‍රභූවරයෙක් සිංගප්පූරුවට අරන් ගිය කතාවක් නිසා සමජ මාධ්‍යය කැලබී තිබුණා.

මේ අතර ගොඩක් අය කියලා තිබුණා කොවිඩ් හැදුනු මංගලව සිංගප්පූරු අරන් ගියා කියලා.තවත් අය කිව්ව අගමැති මහින්ද රාජපක්ෂව අරන් ගියා කියලා.

සමහර අය කියලා තිබුනේ ඇමෙරිකාවේ සමන්තා පවර් මංගලව සිංගප්පූරු ගෙනිහින් කියලා. අගමැතිතුමා අරන් ගියා කියල කියනකොට අගමැතිතුමා හිටියේ හම්බන්තොට රැස්වීමක.

මේ නිසා අපිත් මේ ගැන හොයලා බැලුවා.

සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙම සෙනසුරාදා (14) වෙනිදා හවස ජර්මනියේ ඉදලා මසකට් හරහා එම ගුවන් යානය කටුනායකට ඇවිත් තියනවා ඒකේ ඉදල තියෙන්නෙ සිංගප්පූරු ජාතියකයෙක් වන අයෙක්. ඔහුගේ තොරතුරු

Ajay Bhattacharya,
Singapoorean,
Passport No-E6700792N.

මෙම Ajay Bhattacharya ජර්මනියේදී අසනීප වෙලා එයා වෛද්‍යවරු දෙන්නෙක් ඇතුලු කණ්ඩායමක් එක්ක කටුනායකට ගෙනත්. ඒ වෙනකොට තවත් එවැනි යානයක් සිංගප්පූරුවේ ඉදල කටුනායකට ඇවිත් තියනවා.තවත් වෛද්‍යවරු දෙන්නෙක් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයක් එක්ක. එම ගුවන් යානයෙන් Ajay Bhattacharya මහතාව ඒ වෙලාවේම සිංගප්පූරුවට අරන් ගිහින් තියනවා. ජර්මන් වලින් ගුවන් යානය කටුනායකින් ගිහින් තියෙන්නෙ ඉරිදා. මේ ඉරිදා ගිය ගුවන් යානය නිසා තමයි මේ කතාව මෙ විදියට සමාජ ජාලා හරහා පැතිරිලා තියෙන්නෙ.


මේ කියන ඔපරේශන් එක කරලා තියෙන්නෙ රෝගියාගේ බිරිඳ සමඟ එකව Care Aviation PVT LTD ලංකාවේ කොම්පැනි එකක්.

 

No comments: