මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු එංගලන්ත අධිකරණය නිදහස් කරයි , කොටි හිතවාදීන්ට ගෙවන්නත් කියයි - SANDHA HIRU NEWS

Breaking

Saturday, March 20, 2021

මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු එංගලන්ත අධිකරණය නිදහස් කරයි , කොටි හිතවාදීන්ට ගෙවන්නත් කියයි

 


මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට දුන් තීන්දුව එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් අවලංගු කර තිබේ.

ඔහු සම්බන්ධයෙන් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු උපදේශකමේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු විසින් එක්සත් රාජධානියේ මහාධිකරණයට 2021 මාර්තු 19 වන දින කරන ලද අභියාචනය ඊයේ විමසන ලද අතර

මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේදී, එය මේජර් ජෙනරාල් ප්‍රනාන්දුට පක්ෂව තීන්දු කළ අතර, 2019 දෙසැම්බර් 6 වන දින වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට දුන් තීන්දුව අවලංගු කොට ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.එල්ටීටීඊ හිතවාදී උද්ඝෝෂකයින් වන විත්තිකරුවන්ට මේජර් ජෙනරාල් ප්‍රනාන්දු මහතාට පිරිවැය ගෙවන ලෙස නියෝග කර තිබේ.

No comments: