ලෝක කුසලාන රිදී ජුබිලියේ මුදල් වංචාවක් වූ බවට සැකයක් - SANDHA HIRU NEWS

Breaking

Saturday, March 20, 2021

ලෝක කුසලාන රිදී ජුබිලියේ මුදල් වංචාවක් වූ බවට සැකයක්

 


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී රිදී ජුබිලිය සනිටුහන් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහයෙන් මාර්තු 17 වන දින පැවති උත්සවය සඳහා රුපියල් මිලියන 5.7 ක බිල්පතක් ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අරලිය ගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි. මෙම උත්සවය සම්බන්ධීකරණය කරනු ලැබුවේ අගමැති කාර්යාලය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි. පිරිවැය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අධීක්ෂණය කර ඇත.

1996 ලෝක කුසලාන ශූරයන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් ආරාධිතයින් සඳහා දිවා ආහාරය සඳහා වන වියදම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෞද්ගලිකව වියදම් සැපයු බව සඳහන් වේ. එවැනි තත්වයක් යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතරම් විශාල බිල්පතක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැති කාර්යාලයේ අවද්ධානය යොමු වී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම අවස්ථාවට පිළිගැනීම සඳහා ඩිජිටල් තිරයක් සැපයීම, ඡායාරූප සහිත පසුතලයක් නිර්මාණය කිරීම සහ නැටුම් අංගයක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම බිල්පත ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

No comments: