සජිත් අල්ලස් පනත යටතේ වැරදිකරු වෙයි, ප්‍රජා අයිතිය නැතිවීම, අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී - SANDHA HIRU NEWS

Breaking

Saturday, March 20, 2021

සජිත් අල්ලස් පනත යටතේ වැරදිකරු වෙයි, ප්‍රජා අයිතිය නැතිවීම, අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී

 


රාජ්‍ය ආයතන වල සිදු වූ දූෂණ හා වංචා සෙවීමට පත්කළ ජනපති කොමිසමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කොමිසම ඔහු චූදිතයකු ලෙස ලෙස නම් කොට තිබේ.

ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බදවා ගැනීමේදී සිදු කර ඇති වංචා,දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙනි.

නීත්‍යානුකූල නොවන ආකාරයට බඳවාගත් සේවකයින් 1117 දෙනකු සඳහා වැටුප් හා දීමනා ගෙවීමට නිවාස ඉදි කිරීමේ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයාට සහ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාට උපදෙස් දීම සහ බල කිරීම මත රු. හැට හතර කෝටි දහ අටලක්ෂ හැත්තෑ දාස් එකසිය තිස් පහයි සත හැට හතරක රාජ්‍ය මුදල් අවභාවිතය කළ බවට සජිත් ප්‍රේමදාස මහතාවද චූදිතයකු ලෙස නම් කොට තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිතය කිරීමට සැලැස්වීම අල්ලස් පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙම කොමිසම හඳුන්වා දෙයි.

එම චෝදනාවට සජිත් ප්‍රේමදාස මහතාට අමතරව නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ලක්විජය සාගර පලංසූරිය හා සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අරුණ දහනායක යන අය විත්තිකරුවන් ලෙස මෙම කොමිසම විසින් නම් කර තිබේ.

No comments: