අවුරුදු සමයට ජනතාවට සහන මල්ලක් – ඇමති බන්දුල කියයි - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

අවුරුදු සමයට ජනතාවට සහන මල්ලක් – ඇමති බන්දුල කියයි

 


අලුත් අවුරුදු සමයේ පාරිභොගිකයින්ට සහන සැලසීමේ අරමුණෙන් සතොස ශාඛා ජාලය හරහා සහන මල්ලක් ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 කින් සමන්විත එම සහන මල්ල රුපියල් දහසක මිලකට අප්‍රේල් මස 01 වන දින සිට සතොස ශාඛා මගින් ලබාගත හැකි බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

“සිංහල අවුරුද්ද වෙනුවෙන් අපි ජනතාවට හිතේ ගින්දර නැතුව ලිපේ කිරිබත ඉදෙන අවුරුද්දක් බවට පත්කිරීම සඳහා සහල්, පිටි, සීනි, පරිප්පු හාල්මැස්සන් යන ආදි අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 10ක් රුපියල් 1000ක සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් සතොස හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍යවරයා පැවසුවා.

No comments: