සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් කොරෝනා අසාදිතයින් 474ක් - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් කොරෝනා අසාදිතයින් 474ක්



සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 474 දෙනෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

වසර 03 කට වරක් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිදුකරනු ලබන පිරිසිදු කිරීමේ හා නඩත්තු කිරීමේ ක්‍රියාවලියක් මේ දිනවල සිදුකරනු ලබන බවත් එහිදී මෙලෙස සේවකයින් අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රිකයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම යළිත් ඉහළ ගොස් තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 229 දෙනෙකු හඳුනාඟෙන ඇති බවය. 

No comments: