පස්සර බස් අනතුරට හේතුව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ද? - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

පස්සර බස් අනතුරට හේතුව මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ද?



 අද උදැසන පස්සරදී ඇති වූ රිය අනතුරට හේතුව බස් රථයේ රියදුරු ගේ නොසැලකිලිමත් ධාවනය බව CCTV දර්ශන ඔස්සේ රටම දැනගත් නමුත් රියදුරු අනතුරින් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

නමුත් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අනතුරට වගකිවයුතු තවත් පුද්ගලයෙකු පිළිබඳ අනාවරණයක් පවතී. ඒ මෙම අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට විශාල ගලක් පෙරලි මේ වනවිට මාස 6 කට වැඩි කාලයක් ගතවී ඇති බවත් මෙතෙක් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවෙන් වාහන දෙකකට මෙම ස්ථානයෙන් මාරු වීමට නොහැකි තත්ත්වයක් පැවතීම මෙම අනතුරට ප්‍රධාන හේතුවක් ලෙස අනාවරණය වීමයි.

ඒ අනුව මාර්ග හා මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ද මෙම අනතුර සම්බන්ධ වගකීමෙන් ගැලවිය නොහැකි බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විමසා සිටී.

No comments: