පරිසර හානියකට පැමිණි බව කියා වසන්ත කරන්නාගොඩට ගම්මු කළ දේ - SANDHA HIRU NEWS

Breaking

Friday, March 19, 2021

පරිසර හානියකට පැමිණි බව කියා වසන්ත කරන්නාගොඩට ගම්මු කළ දේ

 


පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිම සදහා පිඹුරුපත් සකස් කිරිමට පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධය පල කළේය.

පුඩළුඔයේ එගොඩවෙල ඇල්ල , වැවහේනේ ඇල්ල ඇතුළු දිය ඇලි තුනක් හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිමට 2017 – 2018 වසරේ සැලසුම් සකස් කර ඇති බවත්, ප්‍රදේශවාසින්ගෙන් මතු වු දැඩි විරෝධය මැද්දේ එම පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ නොකල බවත් ප්‍රදේශවාසින් කියා තිබේ.

පුඩළුඔයේ ජලය කොත්මලේඔයට ගලා යනතෙක් ගග දෙපස පදිංචි ප්‍රදේශවාසින් ගොවිතැනට මෙන්ම දෛනික අවශ්‍යතාවලටද ගගේ ජලය උපයෝගි කර ගන්නා බවත් එම ප්‍රදේශයේ පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි වුවහොත් විශාල පරිසර හානියක් සිදු වන බවත්,ඒ තුලින් ගොවිතැනට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට පානිය ජල ගැටළුවක්ද මතු වි කොත්මලේඔයට ජලය ගලා බසිනා පුඩළුශයේ සුන්දරත්වයද නැති වි යන බව ප්‍රදේශවාසින් පවසති.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට පැමිණිවසන්ත කරන්නාගොඩට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට පුඩළුඔය ප්‍රදේශවාසින්ගෙන් එල්ල වු දැඩි විරෝධය හමුවේ ඔවුන් එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇත.

No comments: