අලුත්කඩේ බෝධීන් වහන්සේ අසළ අලි සබ්‍රිට එරෙහි විරෝධතාවයක් - SANDHA HIRU NEWS

Breaking

Monday, March 22, 2021

අලුත්කඩේ බෝධීන් වහන්සේ අසළ අලි සබ්‍රිට එරෙහි විරෝධතාවයක්


අධිකරණ ඇමැති අලි සබ්රිගේ සහයෙන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් සිංහල හා දෙමළ භාෂා නීති අධ්‍යාපනයෙන් සහ නීති විද්‍යාල විභාග වලින් ඉවත් කිරීමට එරෙහිව අද (22) අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක් සහ පා ගමනක් පැවැත්වීමට නියමිතය.

රවුෆ් හකීම් මහතා මහින්ද රාජපක්ෂ රජයේ අධිකරණ අමාත්‍ය ධුරය දරද්දී 2010 වසරේදී නීති අධ්‍යාපනය සිංහල හා දෙමළ බසින් ලබාදීම නතර කළ අතර නීති විභාහගය තවමත් ඉංග්‍රීසි සිංහල හා දෙමළ යන භාෂා තුනෙන්ම පැවැත්වේ.

සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ නව ප්‍රතිපත්තියට අනුව 2024 සිට නීති විභාහගයද ඉංග්‍රීසි බසින් පමණක් පැවැත්වීමට නියමිතය.

අධිකරණ ඇමතිවරයාට එරෙහි නිහඬ විරෝධතාවය හා පා ගමනින් පසු නීති අධ්‍යාපන පත්‍රිකා ලක්ෂයක් ජනගත කිරීමේ සහ විසඳුම් ඉදිරිපත් කරන සමාරම්භක පියවර අද (22) අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරිපිට දී ආරම්භ වීමට නියමිතය. 

No comments: