පස්සර අනතුරේ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට - SANDHA HIRU NEWS

Breaking

Sunday, March 21, 2021

පස්සර අනතුරේ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට




 මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම ටිපර් රථයේ රියදුරු 45 හැවිරිදි තැනැත්තෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රීයේ පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය පැවසීය.

No comments: