සියලු ම HIV ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට පියවර - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

සියලු ම HIV ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට පියවර

මෙරට සියලු HIV ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා පවසයි.
ගෝලීය අරමුදල මගින් ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන මත මෙතෙක් එම ප්‍රතිකාර ලබාදුන්නේ තෝරාගත් HIV ආසාදිතයින්ට පමණි.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, යෞවනයන් පිළිබඳව සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ද මීට සමගාමීව සකස් කර ඇති බව ය.
ඒ යටතේ යෞවනයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය.
ශ්‍රී ලංකාවේ HIV සහ ඒඩ්ස් මර්දන කටයුතු පිළිබඳ පර්යේෂණ වාර්තාව එළි දැක්වීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අදහස් පළ කළේ ය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, මේ වන තෙක් ලොව පුරා HIV ඒඩ්ස් රෝගීන් මිලියන 36.7ක් වාර්තා වී ඇති බව ත් මිලියන 1.1 ක් මේ වන විට මිය ගොස් ඇති බව ත් ය.
2015 වසරේ පමණක් ලෝකයේ ඒඩ්ස් රෝගීන් මිලියන 2.7ක් සොයාගෙන තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවෙන් මෙතක් සොයාගෙන ඇති HIV ආසාදිතයින් සංඛ්‍යාව 2436කි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ පාසල් විෂය මාලාව තුළ දරුවන්ට ලිංගික දැනුම ලබාදිය යුතු බව ත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ යුතුව ඇති බව ත් ය.

No comments: