පිහියකින් පහර දෙමින් සුළු මවක් දැරියකට වධ දුන් සිද්ධිය - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

පිහියකින් පහර දෙමින් සුළු මවක් දැරියකට වධ දුන් සිද්ධිය

යාපනය නිර්වේලී ප්‍රදේශයේ කුඩා දැරියකට ආමානුෂික ලෙස වධ හිංසා කළ කාන්තාවක් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම කාන්තාව ඊයේ අත්අඩංගුවට ගැනුනේ සමාජ ජාල වෙබ් අඩවි හරහා සංසරණය වූ විඩියෝ පටයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාතික ළමාරක්ෂක අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ය.
ප්‍රදේශිය ජනමාධ්‍යවේදියෙකු අන්තර්ජාලයට එක්කර තිබූ මෙම විඩියෝ පටයේ දැක්වෙන්නේ දැරියගේ සුළු මව දැරියකට පිහියකින් පහරදෙන අයුරු ය.
මෙලෙස පහර දීමට ලක් ඇත්තේ 6 හැවිරිදි දැරියකි.
පහරදීම සිදුකර ඇත්තේ දැරියගේ පියා තෙවන වතාවට විවාහ කරගත් කාන්තාවක බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.
පහරදීමට ලක්වූ දැරිය සහ තවත් ළමුන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් නායමාර්කට්ටිහි පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයට භාර දී තිබේ.

No comments: