මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය : හමුදා බුද්ධි අංශ සාමාජිකයා යළි රිමාන්ඩ් - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය : හමුදා බුද්ධි අංශ සාමාජිකයා යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ලබන 29 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය නඩු දිනයේදී අධිකරණය ලබා ගත් නියෝගයකට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගෙන් ද මෙම සිද්ධියට අදාළව බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබා ගත් බව ය.
ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ය.
මේ අතර සිද්ධියට අදාළව යුද හමුදා මූලික පරීක්ෂණ අධිකරණයක් පවත්වා එහි පරීක්ෂණ වාර්තාව යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.

No comments: