හම්බන්තොට තරුණයා ඇතුළු ඥාතීන් සිව් දෙනා 30 තෙක් රිමාන්ඩ් - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

හම්බන්තොට තරුණයා ඇතුළු ඥාතීන් සිව් දෙනා 30 තෙක් රිමාන්ඩ්

හම්බන්තොට පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් සැඟව සි‍ටි තරුණයා සහ ඔහුට සැඟවීමට ආධාර අනුබල දුන් ඥාතීන් තිදෙනෙකු ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

සැකකරුවන් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
වී සොරකමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව එම තරුණයා පොලිස් ස්ථානයෙන් පලා ගොස් තිබිණ.

දින කිහිපයකට පසු ඔහු පොලීසියට භාර වුයේ ස්වාමින්වහන්සේ නමක් මාර්ගයෙනි.

No comments: