තජුඩීන්ගේ ශරීර කොටස් සයිටම් ආයතනයට ගෙන ගොස් ඇතැයි අධිකරණයේදී ප්‍රකාශ වෙයි - SANDHA HIRU NEWS

Breaking

Saturday, September 24, 2016

තජුඩීන්ගේ ශරීර කොටස් සයිටම් ආයතනයට ගෙන ගොස් ඇතැයි අධිකරණයේදී ප්‍රකාශ වෙයි

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ශරීර කොටස් මා‍ලඹේ සයිටම් ආයතනයට ගෙන ගොස් ඇතැයි අද අධිකරණයේදී ප්‍රකාශ විය.

අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා හමුවේ, මේ බව සඳහන් කළේ, සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරමිනි.
ඔහු එහිදි ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව ය.
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තමා යටතේ සේවය කළ කම්කරුවන් ලවා වසීම් තජුඩීන්ගේ ශරීර කොටස් ඇතුළු කොටස් කිහිපයක් මාලඹේ සයිටම් ආයතනයට ගෙන ගිය බවට එම ප්‍රකාශවලින් අනාවරණ වූ බව ඔහු කියා සිටියේ ය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමසිරි මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ සිට සිදු කළේ, යැයි කියන දුරකතන පණිවුඩ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කෙරෙන බව ය.
ඒවා මකා දමා ඇද්දැයි සැක හැර දැනගැනීමට පළපුරුදු අයෙකු ලවා පරීක්ෂා කෙරෙන බව ද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේ ය.
නඩුවට අදාළ සැකකරුවන් වන හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා යන මහත්වරුන් තවදුරටත් රක්ෂිත බන්ධානාගරගත කෙරිණ.
නඩුව ලබන ඔක්තෝම්බර් මස 5 වන දා යළි කැඳවීමට නිටයමිත ය.

No comments: