දිස්ත්‍රික්ක 3ක් සඳහා නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවිම් තවදුරට ත් - SANDHA HIRU NEWS

Breaking

Tuesday, June 14, 2016

දිස්ත්‍රික්ක 3ක් සඳහා නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවිම් තවදුරට ත්


මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක ය.



ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයාම් අධ්‍යන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපත හා කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, මාවනැල්ල සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය අදාළ වන බව ඔහු සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ වර්ෂාවත් සමග නායයාම්, ඉවුරු කඩාවැටීම්, හා ගල් පෙරළීම සම්බන්ධයෙන් වඩා විමසිලිමත් වන ලෙස ය.
පසුගිය වර්ෂාපතනයත් සමග ප්‍රදේශ රැසක් නායයාමේ අවදානමට ලක්ව සිටින බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයාම් අධ්‍යන හා අවදානම් කළමනකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ ය.

No comments: