තාජුදීන් ඝාතනය ගැනත් හිටපු පාලකයන්ගේ නියෝග ඉටු කිරීමට ඔහු කර වෙනත් අපරාධ ගැනත් තොරතුරු හෙළි කිරීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඉදිරිපත් වුවද ඔහුට අනුකම්පා කිරීමට හෝ ඔහුව රජයේ සක්ෂිකරුවකු කිරීමට හෝ තීරණය නොකරනු ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරනවා. ඔහු සම්බන්ධ බව කියන තවත් අපරාධ රාශියක් තිබීම එයට හේතුව බව කියති .
කෙසේ වෙතත් පාපොච්චාරණය කොට අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් සහනයක් ලබාගැනීමේ අවස්ථාව අනුර සේනානායක මහතාට ඇති බව ඇති බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.
මේ වන විට තාජුඩීන් ඝාතන සිද්ධිය යට ගැසූ බවට වන සාක්ෂි රැසක්ම අදාළ අංශ යිසින් හෙලිකරගෙන අවසන්.
නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා මෙම සිද්ධියට අදාළ සියලු තොරතුරු හෙළිකිරීමත් සමගයි මෙම තත්ත්වය නිර්මාණයවී ඇත්තේ.
ඒ අනුව තවත් පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත අත ඔවුන් හරහා සිද්ධියේ මහමොළකරුවන් හදුනාගැනීමට නියමිතයි. (Yukthiya)

No comments:
Post a Comment