Google බැලූන්, නොමිලේ Wi-Fi මදිවාට දැන් මයික්‍රොසොෆ්ට් වෙතින් රටටම 4G දෙන්න යයි.. - SANDHA HIRU NEWS

Breaking

Sunday, January 24, 2016

Google බැලූන්, නොමිලේ Wi-Fi මදිවාට දැන් මයික්‍රොසොෆ්ට් වෙතින් රටටම 4G දෙන්න යයි..

ලෝ ප‍්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙරට සෑම ගම්මානයක් සඳහාම 4G අන්තර්ජාල පහසුකම් ඇතුළු තවත් බොහෝ තාක්‍ෂණික සහයෝගයන් ලබා දීම සඳහා එකඟ වී ඇතැයි වාර්තා වෙයි.

මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ස්‌විට්‌සර්ලන්තයේදී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වෙමින් සිටින අතරවාරයේ මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති පිලිපේ කෝර්ට්‌ස්‌ සමඟ පැවති සාකච්චාවකදීය.

මේ අතර ගිය වසරේදී ලෝ ප‍්‍රකට ගූගල් සමාගම සමඟ රජය ගිවිසුමක් අත්සන් කරමින් කියා සිටියේ ගූගල් බැලූන් උඩ යවා රටටම අඩුම මිලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන බවයි.

ඊටත් පෙර නොමිලේ වයි-ෆයි ලබා දීමේ මහා ව්‍යාපෘතියක්ද සිදු විය. එම ව්‍යාපෘතිය යටතේ රුපියල් 20ක් පමණ වටිනා මෙගා බයිට් 100 දත්ත ප‍්‍රමාණයක් එක් පුද්ගලයෙකුට මාසිකව ලබා දුනි.
ඊට අමතරව ගිය වසරේ වොක්ස් වැගන් මෝටර් රථ සමාගමේ කර්මාන්ත ශාලවක්ද මෙරට ඉදි කරන්නට සැලසුම් කර තිබින.

No comments: