අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා ලබන පෙබරවාරි 11 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් සහ සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග, ජේ.ටී.එෆ්. ප්‍රනාන්දු සහ කවිෂාල් දිසානායක යන මහත්වරුන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේදී ප්‍රශ්න කර අත්අඩංගුවට ගනු ලැබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මුදල් විශූද්ධිකරණ පනත යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ විමර්ශනවලට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.
අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේදී ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකායක් සටහන් කරගෙන තිබේ.
පැය කිහිපයක් පුරා කරන ලද විමර්ශනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
No comments:
Post a Comment