අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේ ය.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනත් නමකින් ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් කරන බවට චෝදනා කරන බව ය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දේ දුන්නා කියලා, රාජපක්ෂ රෙජීමය පැරැද්දුවා කියලා, මේ රටේ ඉන්න රෝගීන්ට කරදර කරනවා. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කරන්නේ නැතිබව මම මේ සභාවේ ප්‍රකාශ කළා. මේ අරමුදල මහබැංකුව බාරෙන් ඉවත් කරන්නේ නැති බවත් ප්‍රකාශ කරනවා. රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නෑ. රජයේ සේවකයන්ට සහන පදනම මත ලැබෙන වාහන බලපත්‍ර අහෝසි නොකරන බව ,අප මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එකසැරේ දහදාහ වැටුපට ඇතුල් කරන්න අමාරුයි මේ අනුව. ඒත් ක්‍රමානුකූලව කතාකරලා. එතෙන්ටත් විසදුමක් හොයලා දෙන්න තියෙනවා. පෙට්‍රොල් මිල දෙගුණයක් කරනවනම් මේ ඔක්කෝටම ඕනේ මුදල් ටික හොයලා දෙන්නම්. අපිට එළවළු වල මිල දාන්න පුළුවන්නම් අපිට කිරිපිටි වලට අපි තව ලොකු ටැක්ස් එකක් දානවනම් හැම එකකටම දානවනම් මේ ඔක්කම ගෙවලා දානවා එක සැරේ. ඒක කරන්න බැහැ. ජනාධිපතිතුමනි මේ රටේ ජනතාව නිෂ්ශබ්දව ඉන්නකොට ඔළුම අවුල් කරනවා. මේ යහපාලනය ආරක්ෂා කරන්නත් එහෙනම් මේ රටේ ජනතාව පියවර ගනීවි. වෘත්තිය සමිති ප්‍රශ්න විසදන්න ඕනෑ පුළුවන් ඒවා ඔක්කොම විසදලා දෙන්නම් ඉතුරු අයටත් අපි කතාරකරන්න ලෑස්තී. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ මේ උඩින් ඉදගෙන ආපහු හරවන්න ගියෝත් එහෙනම් ඉතින් කඩේ යන අයට කඩේ යන්න බැරිවෙයි. එච්චරයි මට කියන්න පුළුවන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේයේ සභාපති පාදේනිය ඇතුළු සමහර ඉහළ නිලධාරීන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තවමත් රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් තමන්ගේ පැවැත්මට වඩා රටේ රටේ පැවැත්ම ගැන සිතන්න කියා මා එතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ප්රතිවිප්ලවට හිස ඔසවන්න අපි අවකාශ සලස්වන්නේ නැහැ
No comments:
Post a Comment