රගර් ක්‍රීඩක තජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ නිලධාරි වරයාගෙන් අධිකරණයට වාර්තාවක් - SANDHA HIRU NEWS

Breaking

Wednesday, December 9, 2015

රගර් ක්‍රීඩක තජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ නිලධාරි වරයාගෙන් අධිකරණයට වාර්තාවක්


රගර් ක්‍රීඩක තජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ නිලධාරි වරයාගෙන් අධිකරණයට වාර්තාවක්රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාගේ මරණය පිළිබඳව පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දැනට විශ්‍රාම ලබා සිටින අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළේ ය.
මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාව ඉදිරිපත් කරමින් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා කියා සිටියේ, මෘත ශරීරාගාරයේ ශීතකරණයේ පශ්චාත් මරණ පරීක්ෂණවලට අදාළව තැන්පත් කළ කොටස් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් වගකිව නොහැකි බව ය.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එම ශීතකරණය පරීක්ෂා කළ බවත් විශ්‍රම ගැනීමෙන් අනතුරුව එය අවිධිමත් ලෙස භාවිත කර තිබෙන නිසා බොහෝ කොටස් ඉවත් කර ඇති බව ද ඔහු දන්වා තිබේ.
ඒ අනුව, එම කොටස් අස්ථානගත වී ඇත්තේ ශීතකරණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවත් එය සිදුවුයේ තමා විශ්‍රාම යෑමෙන් පසුව බවත් මහාචාර්යවරයාගේ අදහස ය.
මේ පිළිබඳ අප වර්තමාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පැවසුවේ, විශ්‍රාම ලත් අධිකරණ වෛද්‍ය නිලධාරියා අස්ථානගත වූ කොටස් තිබූ නිශ්චිත ස්ථානයක් පිළිබඳව සඳහන් නොකරන බව ය.
මේ අතර සුළු සේවකයින් දෙදෙ‍නෙකුට අදාළ කොටස් ‍දුන් බව විශ්‍රාම ලත් අධිකරණ වෛද්‍ය නිලධාරීයා පැවසුවත්, එම සුළු සේවකයින් එය ප්‍රතික්ෂේප කරන බව ද වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තමන් අධිකරණයට කරුණු වාර්තාකර ඇති බව ය.


No comments: