මීතොටමුල්ල කසල කන්ද අසල පසුගියදා පැවැති විරෝධතාවට සහභාගි වු කිහිප දෙනෙකුට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්නාව නගර සභාවේ සභාපති රවින්ද්‍ර උදයශාන්ත මහතා ජනවාරි 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
ඒ, ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ය.
මෙම සිද්ධියට අදාලව කොලොන්නාව සභාපතිවරයා මෝසමක් මගින් අද අධිකරණයට ඉදිරිපත්ව කරුණු දක්වා සිටියේය.
එහිදි අගතියටපත් පාර්ශවයේ නිතීඥවරුන්ද කරුණු ඉදිරිපත් කළ අතර ඒවා සළකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කළේය.
No comments:
Post a Comment