කිසියම් අයෙකු විපතට පත් අවස්ථාවක ඒ දෙස බලා නොසිට විපතට පත් තැනැත්තා හෝ තැනැත්තියට පිළිසරණක් වන්නට හැකි නම් එය එක්තරා අයුරකින් මනුෂ්‍යත්වය නිරූපණය වන සුවිශේෂී මොහොතකි.
තම ජීවිත අවදානම ගැන ද නොතකා චීනයේ පුද්ගලයෙකු කාන්තාවකගේ දිවි ගලවා ගැනීමට උත්සාහ දරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක විදෙස් මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණ.
පසුගිය දිනක රාත්‍රී 9.45ට පමණ මෙය සිදුව ඇත්තේ, චීනයේ හුබේයි පළාතේ ය.
ගොඩනැගිල්ලක 11 වන මහලේ ජනේලයක එල්ලෙමින් සිටින කාන්තාවක් දෙස එම ගොඩනැග්ල්ල පහළ සිටින පිරිස විමසිල්ලෙන් බලා සිටී.
එය කන වැකුණු තැනැත්තෙකු කුමක් කරන්නේදැයි සිතන්නේ නැතිව වැටෙන්නට යන තැනැත්තිය සිය දෙඅතට ගන්නට වෑයම් කළේ ය.
එහෙත් ඔහුගේ උත්සහය සාර්ථක ප්‍රතිඵල ලබාදෙන්නට සමත් නොවී ය.
කෙසේ වෙතත් කාන්තාවට ජීවිතයෙන් සමු ගන්නට සිදුවූවා ය.
විදෙස් වාර්තා සඳහන් කළේ, ෆෙන්ග් නැමති මෙම තරුණයා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ය.
No comments:
Post a Comment