තැඹිලි ගසකට නැගි 17 හැවිරිදි සිසුවෙකු ගස උඩදී ක්ලාන්තයක් සෑදී දිගු වේලාවක් ගස උඩ සිටිමේ පුවතක් අද දඹුල්ල, කපුවත්ත ප්රදේශයෙන් වාර්තා විය.
දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය දැඩි වෙහෙසක් දරා අදාළ සිසුවා පහළට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
තැඹිලි කැඩීමට එම පාසල් සිසුවා තම ගෙවත්තේ තිබූ තැඹිලි ගසට නැග තිබුණේ, පියාගේ කීමට ද ඇහුම්කන් නොදෙමිනි.
තැඹිලි ගසට නැගි එම සිසුවාට ගසේ ඉහළ රැඳී සිටින විට සිහිසුන්ව ඇති අතර පසුව ගම්වාසීන්, දඹුල්ල නගර සභාවේ
නිලධාරීන් හා දඹුල්ල පොලීසියේ නිලධාරීන්ට සිසුවා ගසෙන් පහළට ගෙන ඒමට දැඩි පරිශ්රමයක් දැරීමට සිදු විය.
නිලධාරීන් හා දඹුල්ල පොලීසියේ නිලධාරීන්ට සිසුවා ගසෙන් පහළට ගෙන ඒමට දැඩි පරිශ්රමයක් දැරීමට සිදු විය.
අප වාර්තාකරු පැවසුවේ, සිසුවා පහළට රැගෙන ඒමට පැය 2ක පමණ කාලයක් ඔවුන් දැඩි වෙහෙසක් දැරූ බව ය.
පහළට ගෙන එන විට ත් සිහිසුන්ව සිටි සිසුවා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්රදේශවාසීහු පියවර ගත්හ.
රෝහල් කාර්ය මණ්ඩලය පැවසුවේ, ඉහළ සිට පහළ බැලීමේදී ඇති වූ තිගැස්මක් හේතුවෙන් සිසුවා සිහිසුන් වන්නට ඇතැයි
සැක කරන බව ය.
සැක කරන බව ය.
No comments:
Post a Comment