සෞදි ආරබියේ රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තවත් 100 අධික පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එරට වේලාවෙන් අලුයම 2.30ට පමණ සෞදි ආරබියේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි රෝහලක මෙම ගින්න හටගෙන ඇති බව ය.
රෝහලේ පළමු මහලේ ගින්න හටගෙන ඇති අතර දැඩි සත්කාර ඒකකය මෙන් ම මාතෘ ඒකකය පිහිටා ඇත්තේ, මෙම මහළේ ය.
පසුව ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව සොයා මේ වනවිට බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.
No comments:
Post a Comment