විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ විරෝධතාවයේ නිරත වුණේ, මහවැසි ද නොතකමිනි.
මෙම විරෝධතාවයට ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ගාමිණි ලොකුගේ, සහ එස්.එම්.චන්ද්‍රෙස්න ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.
අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාව හේතුවෙන් රථවාහන තදබදයක් ද පැවති බව ය.
සමස්ත ලංකා සමෘද්ධි නිලධාරින්ගේ සංගමය අද විරෝධතාවක් සංවිධානය කර තිබුණේ, පාර්ලිමේන්තු වටරවුම අසලිනි.
මෙහිදී මාර්ගයේ අසල සිට විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව පා ගමනින් සෙත්සිරිපාය වෙත ගියහ.
පාගමන හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල විය.
මේ අතර රැකිලාලාභි උපාධිධාරින් සංගමය අද දහවල් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විරෝධතාවක් සංවිධානය කර තිබිණ.
ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ව්‍යාවස්ථාවට අන්තර් ග්රහනය නොකිරීම සහ හිඟ වැටුප් සහිත උසස්වීම නොකිරීම, අත්හිටවු යතුපැදි හිමිකම නැවත ලබා දීම, ඇතුලු ඉල්ලීම් මුල්කරගනිමිනි.
පිරිස කොටුව ප්‍රදේශයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට යාමට උත්සහ කළ ද, පොලීසිය ඊට ඉඩ ලබාදුන්නේ නැත.
අනතුරුව විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා අවසර හිමිවිය.
එහිදී දෙසැම්බර් මස 30 වන දා මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට එකඟතාව පළ වී තිබේ.
No comments:
Post a Comment