මගීන් 500ක් රැගත් ප්‍රංශ ගුවන් යානයක් තුළ බෝම්බ බියක් - SANDHA HIRU NEWS

Breaking

Sunday, December 20, 2015

මගීන් 500ක් රැගත් ප්‍රංශ ගුවන් යානයක් තුළ බෝම්බ බියක්

ප්‍රංශය වෙත පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ම කෙන්යාවේ මොම්බසා නගරයට ගොඩ බස්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මොරිෂස් සිට ප්‍රංශය බලා පියාසර කරමින් තිබූ යානයේ වැසිකිළියක් තුළ සැකකටයුතු ද්‍රව්‍යක් ඇති බවට කාර්යය මණ්ඩලය කළ දැනුම් දීමකට අනුව යානය එලෙස ගොඩ බස්සවා ඇති බව ය.
මගීන් 459 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු රැගත් අදාළ යානය ප්‍රංශය බලා පියාසර කරමින් තිබිණ.
සියලු ම මගීන් නිරුපද්‍රිතව යානයෙන් ගොඩ බස්සවා අදාළ සැකකටයුතු ද්‍රව්‍ය යානයෙන් ඉවතට ගැනීමට කෙන්යානු ආරක්ෂක අංශ ක්‍රියා කර තිබේ.
කෙන්යානු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, අදාළ සැකකටයුතු ද්‍රව්‍ය බෝම්බයක් ද යන්න සම්බන්ධයෙන් විශේෂඥයින් විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇති බව ය.
කෙසේ වෙතත් කෙන්යානු ගුවන්තොටුපොළ බලධාරීන් පවසා ඇත්තේ, සොයා ගන්නා ලද උපකරණය බෝම්බයක් බවට දැනට සැක පළ කරන බව ය.
මේ අතර යානයේ සිටි මගීන් එයාර් ෆ්‍රාන්ස් කාර්යය මණ්ඩලයට ප්‍රශංසාව පළ කරමින් පවසා ඇත්තේ, යානය ගොඩ බස්වන තුරු එහි  පුපුරණ ද්‍රව්‍යක් බවට සැක කරන යමක් තිබූ බවක් තමන් නොදැන සිටි බව ය.
ඉතා සන්සුන් ලෙස මගීන් පාලනය කරමින් යානය ගොඩ බැස්සවූ බවත් යානය කාර්මික දෝෂයක් හට ගෙන ඇති බවට තමන්ට සැක පළ කළ බවත් එහි පුපුරණ ද්‍රව්‍යක් වැනි යමක් ඇති බවට කිසිසේත් නොසිතූ බව ත් තවත් පිරිසක් පවසා තිබිණ.

No comments: