සිරියාවේ ඩැමස්කස් හා හෝම්ස් නගර වලට ප්‍රහාර එල්ල වන ආකාරය දැක්වෙන විඩීයෝවක් සමාජ ජාලා වෙත නිකුත් කර තිබේ.
කාලතුවක්කු , ෂෙල් වෙඩි හා ගුවන් බැරල් බෝම්බ ප්‍රහාර ඩැමස්කස් හා හෝම්ස් නගරවලට එල්ල වීමෙන් අනතුරුව ඇති තත්ත්වය මෙම විඩියෝව හරහා නිකුත් කර තිබිණ.
මෙම වීඩියෝ පටයට අනුව කැරළි කරුවන්ගේ පාලනය යටතේ පැවති ඩූමා ප්‍රදේශයේ යැයි විශ්වාස කෙරෙන පිපිරීම් වලින් කුඩා දරුවන් තුවාල ලබා තිබෙන ආකාරය ත් හා ඔවුන් ගලවා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කම්කරුවන් සහ අනෙක් පිරිස් එක්ව සිටින ආකාරය ත් දැක්වෙයි.
හෝම්ස් නගරයේ අල් ගන්ටෝ ප්‍රදේශයට හෙලිකොප්ටරයකින් බැරල් බෝම්භ ප්‍රහාර එල්ල වන අන්දම ද මෙම වීඩියෝවෙන් දැක්වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 20 දෙනෙකු මියගොස් ඇති බව ය.
No comments:
Post a Comment