පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම විනිවිදභාවයකින් කරන්න – අධ්‍යාපන අැමති - SANDHA HIRU NEWS

Breaking

Wednesday, December 30, 2015

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම විනිවිදභාවයකින් කරන්න – අධ්‍යාපන අැමති

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම විනිවිදභාවයකින් කරන්නැයි, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අවසන් ලේඛනය සහ පොරොත්තු ලේඛනය පාසල්වල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වනු ඇති.
මීට අමතරව, ළමුන් තෝරා ගැනීමේදී ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්ද විදුහලේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කළ යුතුයි.
ළමුන් තෝරා ගැනීමේදී ලකුණු ලබා දුන් ආකාරය පිළිබඳව දෙමව්පියන් විමසන අවස්ථාවලදී විදුහල්පතිවරුන් දෙමව්පියන් වෙත අදාළ තොරතුරු ලබා දීමට පියවර ගතයුතු බවට ද අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

No comments: