අශිෂ්ටයි, අසීලාචාරයි: මෙවැනි සංදර්ශන සංවිධානය කරපු මිනිස්සුන්ට ගහන්න ඕනේ මඩුවලිගෙන් – ජනපති - SANDHA HIRU NEWS

Breaking

Sunday, December 27, 2015

අශිෂ්ටයි, අසීලාචාරයි: මෙවැනි සංදර්ශන සංවිධානය කරපු මිනිස්සුන්ට ගහන්න ඕනේ මඩුවලිගෙන් – ජනපති

මින් ඉදිරියට තරුණ සමාජය නොමග යවන අසංවර වැඩසටහන් සංවිධාන කිරීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

පහුගිය සතියේ‍ කොළඹ තිබුණා. සංගීත සංදර්ශනයක් මේ සංගීත සංදර්ශනයට ආවේ ගායකයෙක් පිටින්. පැයක කාලයයි. එක ටිකට් එකක් රුපියල් 5000 ඉදලා රුපියල් 50000 යි . සාමාන්‍යයෙන් පොඩි පොඩි දේවල් වල සමහර වෙලාවට මිල වැඩි උනාම ආණ්ඩුවට හුගක් අය බණිනවා. 5000 ඉදන් 50000 යනකන් ටිකට් ගත්ත අයට මෙතෙන්ට ඇතුල් උනාම ඒ ගත්ත ටිකට් එකේ මුදලේ හැටියට බොන්න දේවල් තිබුනා‍. බෞද්ධයෙක් විදිහට  මේවා  කතා නොකර බෑ‍.මේ රටේ සංස්කෘතියට හානියක් වෙනවානම් මේ රටේ යහපත් දේය මනුස්සකමට හානියක් වෙනවානම්  අපි රැකගෙන ඉන්න අපේ කම්වලට හානියක් වෙනවානම් මං ඒවා කතා කරනවා.කාට හිත් අමාරු උනත්. මේවා ගැන මට විවේචන එල්ල කරයි. මෙතන ඉන්න තරුණ දරුවොනුත් ඉස්සරහා මට මේවා කියලත් බෑ නොකියත් බෑ.  කොච්චර මේ පැය‍ට උන්මාදයට ලක්වුණා ද කාන්තාවන්ගේ උඩුකය වසාගන්නා යට ඇදුම මේ බ්‍රෙෂියර් එක ගලෝලා හිටන් විසිකරලා දුන්නා මේ ගායකයට. මේ බ්‍රැන්ඩි ,විස්කි,අරක්කු වල ටිකට් වල තියෙන හයිය. සාමාන්‍යයෙන් ගමේ භාෂාවක් තියෙනවා. කතව්රු හරි වැරදි කරපුවාම කියනවා  ඔකට මඩු වලිගෙන් ගහන්න ඕනේ කියලා හිටන්. මෙවැනි සංදර්ශන සංවිධානය කරපු මිනිස්සුන්ට මඩුවලිගෙන් ගහන්න ඕනේ කියලයි මම කියන්නේ ඒ තරම් අශිෂ්ඨයි අසීලාචාරයි. මෙවැනි අසංවර දේවල් වලට ඉඩදෙන විට රාජ්‍ය ආයතනත් ආයතන ප්‍රධානීන් දැන ගන්නට ඕනේ. මේ වැඩසටහන මොකක්ද මෙතන කුමක්ද කෙරෙන්නේ මෙයින් හොද නරක මොකක්ද රටට මුදල් රුපියල් ශත සෙවීමේ එකම පහත් අරමුණ තුළ මනුෂ්‍යත්වය රුපියල් ශත වලට විකුණනවා.
10 වසරකට වැඩි සේවා කාලයක් සහිත දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි පිරිනැමීම ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.

No comments: