සිරියාවේ IS ඉලක්ක වෙත රුසියාවෙන් ප්‍රථම වතාවට සබ්මැරීන වල සිට ප්‍රහාර - SANDHA HIRU NEWS

Breaking

Wednesday, December 9, 2015

සිරියාවේ IS ඉලක්ක වෙත රුසියාවෙන් ප්‍රථම වතාවට සබ්මැරීන වල සිට ප්‍රහාර


සිරියාවේ IS ඉලක්ක වෙත රුසියාවෙන් ප්‍රථම වතාවට සබ්මැරීන වල සිට ප්‍රහාරතම යුධ ශක්තිය ප්‍රකට කරමින් රුසියාව ඊයේ ප්‍රථම වතාවට සිරියාවේ IS ඉලක්ක වෙත සබ්මැරීන වල සිට ප්‍රහාර එල්ල කර තිබේ.
එම සබ්මැරීන ස්ථාන ගතකර ඇත්තේ මධ්‍යධරණි මුහුදේ ය.
මෙම ප්‍රහාර මාලාව එල්ල වූයේ බෙදී වෙන් වී සිටින සිරියාවේ විපක්ෂ කණ්ඩායම් සෞදි අරාබියේ රියාද් නුවරට රැස් වී සාකච්ජා පවත්වන අතතුර ය.
වසර ගණනාවක් ඇදී යමින් සිටින සිරියානු ගැටුම් නිමා කිරීම සඳහා ජනාධිපති බසාර් අල් අසාද් සමග සාකච්ජා කිරීමට පොදු පෙරමුණක් ගොඩ නගා ගැනීමට රියාද් නුවර රැස්ව සිටින සිරියානු විපක්ෂ කණ්ඩායම්වල අපේක්ෂාවයි.
තුර්කි ප්‍රහාරයකින් විනාශ වූ තම ප්‍රහාරක ගුවන් යානා කළු පෙට්ටිය සොයා ගැනීම සඳහා සිරියානු විශේෂ බලකායට පසුබිම සැකසීමේ අරමුණින් ඉකුත් දින තුනේදි රුසියාව සිරියාවේ විවිධ ඉලක්ක ‍30 කට ප්‍රහාර එල්ල කර තිබේ.
IS මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර දැඩි කිරීමට මොස්කව් පාලනය තීරණය කළේ, ඉකුත් ඔක්තෝම්බර් මාසයේ 224 දෙනෙකු රැගත් තම මගී ගුවන් යානා ඊජිප්තුවේ සිනායී අර්ධද්වීපයේදි බිම හෙළීමේ වගකීම IS කණ්ඩායම් බාරගැනීමත් සමග ය.
ආරක්ෂක උපදේශන සේවා ආයතනයක වාර්තාවක් උපුටා දක්වන විදෙස් වාර්තා වල සඳහන් වන්නේ 2014 ජුනි මාසය වන විට සිරියාව තුළ සිටි විදේශිය සටන්කාමී සංඛ්‍යාව මේ වන විට 27000ක් දක්වා වැඩී ඇති බව ය.
ඉන් වැඩිම සංඛ්‍යාවක් අරාබි රටවල් වලට අයත් බව එම වාර්තාවේ දැක්වේ.
සිරියාව තුළ සිටින විදෙස් සටන්කාමින් අතර බටහිර යුරෝපා , මධ්‍යම ආසියාව යන රටවල පිරිස් ද අයත් වෙති.
කෙසේවෙතත් සිරියාවේ යුද්ධයට දායක වීම සඳහා යන බටහිර යුරෝපා රටවල සටන්කාමීන් අතර ආපසු පැමිණෙන සංඛ්‍යාව 20 %ත් – 30% ත් වන බව විදෙස් වාර්තා වල සඳහන්.

No comments: