අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වේ.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාග මධ්‍යස්ථාන 4670කදී මෙවර විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ය.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 664,715ක් පෙනී සිටින අතර ඉන් 403,444ක් පාසල් අයදුම්කරුවන් වන අතර 261,271ක් පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
වැඩිම අයදුම්කරුවන් පිරිසක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ ය.
No comments:
Post a Comment