ප්රසිද්ධ රගර් ක්රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ මරණය මිනීමැරුමක් බැවින් සැaකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළ වහාම ඊට සම්බන්ධ පුද්ගලයන් තමන් භාරයට ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩී) පවසයි.
මොහොමඩ් තාජුඩීන්ගේ අභිරහස් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.
එහෙත් තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් නිසා සිදුවූවක් බව මේ වනතුරු අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දීමක් කර නැත.
අධිකරණ නියෝගය ලබා දුන් වහාම මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය කියා සිටියි.
No comments:
Post a Comment