රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ මරණයට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ කරුණු විමසීමෙන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 10 වන දිනට කල් තැබිණි.
අධිකරණය හමුවේ අනාවරණය වූයේ ඩී.එන්.ඒ. පරීක්ෂණ අනුව මිය ගිය තාජුඩීන් ක්‍රීඩකයාගේ සාම්පල ඔහුගේ මවගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. සාම්පල සමග සැසදෙන බව ය.
මීට පෙර අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවකින් සඳහන් වන්නේ, මෝටර් රථයේ තිබී හමු වූ තාජුඩීන්ගේ සිරුර පිළිස්සීමකින් සිදු වූ මරණයක් නොවන බව ය.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, ඔහුට පහර දී ඔහුගේ මරණයෙන් පසු සිරුර වාහනයට දමා ඇති බව ය.
එම වාර්තා දෙක ම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට යොමු කර තිබේ.
No comments:
Post a Comment