සා/ පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අනිද්දා රාත්‍රී 12න් පසු තහනම් - SANDHA HIRU NEWS

Breaking

Monday, November 30, 2015

සා/ පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අනිද්දා රාත්‍රී 12න් පසු තහනම්

අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් 17 වන දා දක්වා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබාගැනීම ද සපුරා තහනම් වනු ඇති බව ය.
කිසියම් පුද්ගලයකු මෙම නියෝග කඩකරන්නේ නම් ළඟ ම ඇති පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස්වරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
අධ්‍යන පොදුසහතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 8 වන දා සිට 17 වන දා දක්වා පැවැත්වේ.

No comments: