අයවැය සංශෝධනය ත් සමග ආණ්ඩුවේ වියදම් බිලියන 3550ක් දක්වා ඉහළට - SANDHA HIRU NEWS

Breaking

Sunday, December 20, 2015

අයවැය සංශෝධනය ත් සමග ආණ්ඩුවේ වියදම් බිලියන 3550ක් දක්වා ඉහළට

2016 – අයවැයට එක් කළ සංශෝධන හේතුවෙන් ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 3550ක් දක්වා වැඩිවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඊයේ අයවැය විවාදය අවසන් කරමින් අමාත්‍යවරයා සංශෝධිත යෝජනා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පාර්ලිමේන්තුව ඊයේ සම්මත කළ අයවැය ලේඛනයට අනුව වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව ‍ 25% සිට 15% දක්වා අඩුකර තිබේ.
මුදල් අමාත්‍යවරයා ඊයේ පැවසුවේ, වාහන තක්සේරු ගාස්තුව ත්‍රිරෝද රථ යතුරු හා පැදි සඳහා රුපියල් 2500ක් ද මෝටර් කාර් සඳහා රුපියල් 5000 දක්වා ද අඩුකර ඇති බව ය.
5% වඩා සැර අඩු බියර් සඳහා පනවා ඇති නිෂ්පාදන බද්ධ ලීටරයට රුපියල් 30 කින් වැඩිකර ඇති අතර බීඩි කොළ සඳහා වූ සෙස් බද්ධ කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 2000 සිට 350 දක්වා අඩුකර තිබේ.
කොටස් වෙළෙඳපොළ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 1 සිට බිලියන 1.5 දක්වා වැඩි කිරීම ද විශේෂත්වයකි.
ලබන වසරේ මාර්තු මාසයේ සිට බස්රථ ගමනා ගමනය ඒකාබද්ධ කාල සටහනක් යටතේ ක්‍රියාත්මක වීම අනිවාර්යය කර ඇති අතර එතෙක් දුම් සහතික ගාස්තු නව ක්‍රමයට අයකිරීම අත්අහිටුවා තිබේ.
මුදල් අමාත්‍යවරයා ඊයේ පැවසුවේ, හෙක්ටයාර 1කට සීමාවූ පොහොර සහනාධාරය හෙක්ටයාර 2ක් දක්වා වැඩිකර ඇති අතර වී වගාවට අමතරව අල, ළූණු, බඩඉරිගු, මිරිස් හා සෝයා සඳහා ත් පැපොල්, අන්නාසි හා කෙසෙල් යන පලතුරු වගාවන්ටත් සහනාධාරය ලබාදෙන බව ය.
මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කරන ලද රුපියල් 10,000 දීමනාව අදියර තුනක් යටතේ මූලික වැටුපට එක් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
එහි පළමු පියවර යටතේ 2016 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් ‍2500ක් මුදලක් මූලික වැටුපට එක් කෙරෙනු ඇති.
වත්මන් රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය ඒ අයුරින් ම පවත්වා ගෙන යාමට ද රජයේ තීරණය විය.
එහෙත් අලුතින් රජයේ සේවයට බඳවා ගන්නා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයේ වෙනසක් සිදු කෙරෙනු ඇති.
නව සංශෝධන හේතුවෙන් වැඩි වන වියදම් හා එය පියවා ගන්නා ආකාරය අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළේ ය.
වාහන බලපත්‍ර නිකුත් කිරිම නිසා අහිමිවන අදායම 2017 වර්ෂයේ වැය බරක් ලෙස සැලකීමට සිදුවනවා. මෙම වියදම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලියන 2500ක් 3000ක් අඩු කිරීමට මං අකමැත්තෙන් වුනත් කියන්න කැමතියි නමුත් විදිමත් කිරිමෙන් මේක නැවත යතා තත්ත්වයට පත් කරන්න පුළුවන්. අප අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදි මම පෙන්නුවා‍ මේ රටේ ආදායම බිලියන 2005යි සම්පුර්ණ වියදම 3389යි.ඒකෙන් අයවැය හිගය බිලියන 649යි.අපි කරපු සංශෝධන තුළ අපේ සම්පුර්ණ වියදම 35500කින් වැඩි වෙනවා. ආදායම උපයා ගන්නේ ඉන්දන හා ප්‍රවාහන වියදම් කළමනාකරණය කිරීමෙන් මිලියන 4 ක්.ඩිජිටලයිටේෂන් වැඩසටහන් කඩිනම් කිරිම සහා දැනට පවතින ක්‍රමය සදහා වෙන් කරලා තියෙන වියදම අත්හිටුවනවා මිලියන 3000ක්. රජයේ ගිණුම් ගණුදෙනු වලින් කොටසක් පෞද්ගලික බැංකුවෙත මාරු කිරීම තුළින් ඒකේ ඉතිරි කිරිම බිලියන 15000යි. 35500, 35000කින් සම කරනවා.අයවැය හිගය ඒ ආකාරයෙන්මයි

No comments: