පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් ඇසුරුම් කළ සහල් කිලෝ ග්‍රෑම් 225,000ක් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබී සොයාගෙන තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ශාන් යාපා රත්න මහතා ප්‍රකාශ කළේ, ඉන්දියාවෙන් ආනයනය කළ මෙම සහල් තොගය වෙනත් ජනප්‍රිය වෙළෙඳ නාමයක් යටතේ ව්‍යාජ ලෙස ඇසුරුම් කරමින් තිබූ බව ය.
එම සහල් කල් ඉකුත් වන දිනය ද වෙනස් කර නියමිත දිනට වඩා මාස 10ක පමණ කාලයක් සටහන් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගබඩා භාරකරු, කොන්ත්‍රාත්කරු හා සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment