පාපන්දු තරගයකදී සුළඟ විසින් වාර්තා කළ අපූරු ගෝලය (VIDEO) - SANDHA HIRU NEWS

Breaking

Friday, November 27, 2015

පාපන්දු තරගයකදී සුළඟ විසින් වාර්තා කළ අපූරු ගෝලය (VIDEO)

පසුගියදා පැවති පාපන්දු තරගයක් අතරතුර සිදු වූ සිද්ධියක් හේතුවෙන් එය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයෝ මවිතයට පත් වූහ.
ඒ, එම පාපන්දු තරගයේදී සාමාන්‍ය පරිදි කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා දක්ෂ ලෙස තරග කරමින් සිටියදී අසාමාන්‍ය ලෙස ගෝලයක් වාර්තා කිරීම හේතුවෙනි.
ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයෙකු පාපන්දුවට එල්ල කළ ප්‍රහාරයත් සමග පාපන්දුව ඉහළට ගොස් එම අවස්ථාවේ ඇති වූ සුළඟෙහි බලපෑම තුළින් අනෙක් පිළට වාසියක් අත් කර දෙමින් පාපන්දුව ගෝලය කරා ඇදී ගියේ ය.
එම අවස්ථාවේදී පැයට කිලෝමීටර 70 වේගවත් සුළඟක් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

No comments: