තුර්කිය බිම හෙළූ යානයේ නියමුවන් බේරා ගැනීමට ගිය රුසියානු යානයට රොකට් ප්‍රහාරයක් (VIDEO) - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 25, 2015

තුර්කිය බිම හෙළූ යානයේ නියමුවන් බේරා ගැනීමට ගිය රුසියානු යානයට රොකට් ප්‍රහාරයක් (VIDEO)

ඊයේ තුර්කිය බිම හෙළූ යානයේ නියමුවන් දෙදෙනා ගලවා ගැනීමේ මෙහෙයුමක නිරත වූ රුසියානු හෙලිකොප්ටර් යානයට රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කැරළිකරුවන් අදාළ ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන මේ වන විට විදෙස් මාධ්‍ය ඔස්සේ පළ වී තිබේ.


ප්‍රහාරයෙන් එම හෙළිකොප්ටර් යානයේ සිටි රුසියානු හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිරියාවේ උතුරදිග ප්‍රදේශයේ සිටින කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් හානි වූ එම හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබැස්වීමක් කර ඇති අතර අනතුරුව කැරළිකරුවන් ඊට රොකට් ප්‍රහාරයක් එල්ල කර විනාශ කරනු ලැබූහ.
සිය දේශ සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තුර්කිය ඊයේ අදාළ රුසියානු ප්‍රහාරක ජෙට් යානයට ප්‍රහාරයක් එල්ල කර බිම හෙළී ය.
එහිදී යානයේ සිටි නියමුවන් දෙදෙනා දිවි ගලවා ගැනීමට සමත් වූ අතර ප්‍රහාරයෙන් යානය කඳුකර ප්‍රදේශයකට කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කළේ ය.
අද ප්‍රහාරය එල්ල වී ඇත්තේ, එම නියමුවන් දෙදෙනා බේරා ගැනීම සඳහා මෙහෙයුමක නිරත වූ රුසියානු හෙලිකොප්ටර් යානයකට ය.

No comments: