රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක් - SANDHA HIRU NEWS

Breaking

Wednesday, November 25, 2015

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්

තුර්කි – සිරියා දේශ සීමාවේදී, තුර්කිය තම ප්‍රහාරක යානයට පහර දී බිම හෙළීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ හෙළා දැක තිබේ.
රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එය ත්‍රස්තවාදයට සහය පළ කරන අය විසින් පිටුපස සිට පිහියෙන් ඇනීමක් ලෙස සලකන බව ය.
බීබීසී ලෝක සේවය පැවසුවේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නේටෝ සංවිධානය ද රැස්ව ඇති බව ය.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ, මෙය ත්‍රස්තවාදීන්ගේ සාපරාධී ක්‍රියාවක් බව ය.
කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරක යානයට තමන් අනතුරු අඟවා තිබියදී ත් එය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තුර්කිය පවසයි.
නමුත් රුසියාව පවසන්නේ, තම යානය කිසිවිටෙකත් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බව ය.
මේ අතර මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුර්කියේ ඉල්ලීම මත නේටෝ සංවිධානය අමතර රැස්වීමක් ද කැඳවා තිබේ.
නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් එහිදී පවසා ඇත්තේ, රුසියානු ප්‍රහාරක යානාය තුර්කි ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව පෙනී යන බව ය.
කෙසේ වෙතත් මේ ක්‍රියාව සම්බන්ධයෙන් තුර්කියට බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
මේ අතර තම තුර්කි සංචාරය අවලංගු කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි බීබීසී වාර්තාවල සඳහන් ය.
එමෙන් ම රුසියානුවන්ට තුර්කියේ සංචාරය නොකරන ලෙසට ද රුසියානු විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

No comments: