ලොව පුරා සංචාරය කරන අමෙරිකානුවන්ට සංචාරක අනතුරු ඇඟවීමක් - SANDHA HIRU NEWS

Breaking

Tuesday, November 24, 2015

ලොව පුරා සංචාරය කරන අමෙරිකානුවන්ට සංචාරක අනතුරු ඇඟවීමක්



අමෙරිකාව ලොව පුරා සංචාරය කරන සිය රට වැසියන්ට සංචාරක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ, IS, අල්ඛයිඩා සහ බොකෝහරාම් වැනි ත්‍රස්ත සංවිධාන ප්‍රහාර සැලසුම් කිරීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම අනතුරු ඇඟවීම ලබන වසරේ පෙබරවාරි මස 24 වන දා තෙක් බල පැවැත්වෙන බව ය.
ජනාකීර්ණ ප්‍රදේශවලදී හා ගමනාගමන කටයුතුවලදී ඉතා විමසිලිමත්වන ලෙස අනතුරු ඇඟවීම නිකුත් කරමින් අමෙරිකාව සිය වැසියන්ගෙන් ඉල්ලා සිටී.
අමෙරිකාව සිය වැසියන්‍ට දන්වා සිටින්නේ, ඇතිවිය හැකි හදිසි අවස්ථාවලදී ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ය.
පසුගිය දා ප්‍රංශය, මාලි හා රුසියාව ඇතුළු රටවල් කිහිපයකට එල්ල වූ ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරවලින් විදේශිකයින් ඇතුළු පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්වීමත් සමග අමෙරිකාව මෙම පියවර ගෙන තිබේ.

No comments: