මෛත්‍රී පොදු අපේක්ෂකයා වී වසරයි - සම්පූර්ණ වාර්තාව (VIDEO) - SANDHA HIRU NEWS

Breaking

Saturday, November 21, 2015

මෛත්‍රී පොදු අපේක්ෂකයා වී වසරයි - සම්පූර්ණ වාර්තාව (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා බවට පත් වී අද දිනට (21) වසරක් සපිරෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ද වූ සිරිසේන මහතා 2014 නොවැම්බර 21 වැනි දා ආණ්ඩුවෙන් පිටව ජනවාරි අට වැනි දා ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළේය.
එදින උදේ 9ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති උත්සවයකට සහභාගී වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අදහස් පළ කළේ ය.
"ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ. දුෂණ වංචා කරන්නත් නොවේ. ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි. බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි. ජනතාව යටපත් නොකළ යුතුයි. බලයෙන් මත් නොවිය යුතුයි. ජනතාවගේ බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි."
එම උත්සවයට සහභාගී වී එළියට ආ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීහු දිගින් දිගටම ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු ලෙස එවකට සෞඛ්‍ය ඇමැතිවරයා කීවේ කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති බවයි.
"ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවය ද මෙය විය හැකියි. අපි කාලයට ඉඩ දී බලා සිටිමු. කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බැහැ." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය.
සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙන බවට පැතිර ගිය රාවයක් නිසා එදින උදේ 9 සිට මාධ්‍යවේදීහු විශාල පිරිසක් කොළඹ නව නගර ශාලාවේ රැස්වී සිටියහ.
ජනපතිවරණයේ දී සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එදින දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයේ දී අනුමැතිය ලැබිණි.
2014 නොවැම්බර් 21 වැනි දා සවස 3.15 ට පමණ එවකට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා නව නගර ශාලාවට පැමිණියේ ය. එතැන රැස්ව සිටි පිරිසක් මල්මාලා දමා ඔහු පිළිගෙන මාධ්‍ය සාකච්ඡාව සූදානම් කර තිබූ තැනට කැඳවාගෙන ගියහ.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, එවකට ධීවර ඇමැති රාජිත සේනාරත්න, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම් එක් ඩී එස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, රජීව් විජේසිංහ සහ වසන්ත සේනානායක යන මහත්වරු ද එම මාධ්‍ය සාකච්ඡාවට එක්වූහ.
සිරිසේන මහතාගේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව අප වාර්තා කළ ආකාරය පහත සබැඳිවලින් නරඹන්න.
එම සබැඳිවලට පහතින් මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න.
මෛත්‍රීපාලගේ විශේෂ ප්‍රකාශයකට මාධ්‍ය කැඳවයි
ඇමති මෛත්‍රීපාල ආණ්ඩුවෙන් යන්නේ නෑ 
මෛත්‍රීපාල එනතුරු මාධ්‍ය සූදානමින්
මෛත්‍රීපාලට සහය දැක්වූ පිරිසට තනතුරු අහිමිවෙයි - නිල වාහන ආපසු ගනී

No comments: