අමාත්‍යවරයෙකුගේ පුතෙක් සිය අමාත්‍යංශයේ කරුණු සෙවීමක් පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ ය.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,
ඊයේ දවස වෙනකොට මේ අමාත්‍යාංශයට රිංගලා එක ඇමතිවරයෙක්ගෙන් පුතෙක්, උත්සහ කරලා තියෙනවා මගේ දේවල් සොයන්න මං මේක පිළිබදව දැඩි සේ හෙට දවසේදී කතා කරන්න විශ්වාස කරනවා කැබිනට්ටුව තුළ මේ ඇමතිවරුන්ගේ පුත්තුන්ට මේ මෙකේ අස්සේ රිංගගෙන දේශපාලනය කරන්න හම්බවෙන්නේ නැහැ. මගේ අමාත්‍යාංශයේ තියෙන කරුණු සොයන්න එක එකාට එන්න හම්බවෙන්නේ නැහැ. මොකද මම සොරකම් කරලා තියෙනවානම් මේ දේශපාලනයේ. අපි අයින් කර ගත්ත පවුල්වාදය තවත් විදියකට පවුල්වාදයක් එන්න හදනවානම්, ඉතිං ඒකට මම කවදාක්වත් ඉඩ තියෙන්නේ නැහැ. මගේ ඇමතිකම නැතිවුනත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක සම්බන්ධයෙන් මම දැඩි සේ විරෝධය පානවා.
අමාත්‍යවරයෙකු කළ බව කියන ප්‍රකාශයකටද හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රතිචාර දැක්වූයේ ය.
යහපාලන ආණ්ඩුව ගැන මගේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක්, පසුගිය දවසේ බණ්ඩාරවෙල, කරදගොල්ල ප්‍රදේශයේ ප්‍රකාශයක් කළා. ඒක දැඩි ප්‍රකාශයක්. ඒකේ දාලා තිබුණා යහපාලනයේ කෑලිත් නැහැ කියලා. මම අහන්න කැමතියි, රෙද්දක් ඇදගෙනද යහපාලනයේ කලිත් නැත්නම් ඇමතිකමේ ඉන්නේ කියලා. යහපාලනයට පිං සිද්ධ වෙන්න තමයි, එතුමා ඇමති කෙනෙක් වුනේ. ආසන 9 න් 9 ම පරාදයි. ඇප නැහැ. ලැජ්ජා නැද්ද මං දන්නේ නැහැ ඇමතිකමේ ඉදන් ඉන්න. වළලු වෙලෙන්දෝ හිටියාලු.මොකද ඒ ඇමතිතුමා කොහොමත් වළලු දාන අතවල්වලට හරි ආසයි. එතුමාට එහෙම පොඩි අඩුපාඩුවකුත් තියෙනවා.
No comments:
Post a Comment