පුද්ගලයන් 132 කුට මරු කැඳවූ පැරිස් ප්‍රහාරයේ මහ මොළකරු බෙල්ජියම් ජාතික අබ්දෙල් හමීඩ් අබාවුද් නම් පුද්ගලයෙකු බව හඳුනා ගෙන තිබේ.
පැරිස් ප්‍රහාරයෙන් මිය ගිය IS සාමාජිකයෙකු වන බ්‍රහිම්, අබ්දෙල් හමීඩ් අබාවුද්ගේ සහෝදරයෙක් බව ද විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇත.
මේ අතර සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් හේතුවෙන් බ්‍රිතාන්‍යය තම රටේ ආරක්ෂක විධි විධාන තර කිරීමට කටයතු කරමින් සිටී.
IS ත්‍රස්තවාදීන් බ්‍රිතාන්‍යයට සයිබර් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බව එරට බලධාරීන් පවසති.
බ්‍රිතාන්‍යය රජය පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් සයිබර් අපරාධ වැළැක්වීමට වෙන්කළ මුදල් දෙගුණයක් කිරීමට පියවර ගන්නා බව ය.
බ්‍රිතාන්‍යයේ බුද්ධි ඒජන්සි කාර්යමණ්ඩලය ඉහළ නැංවීමටත් , ආරක්ෂක සේවා සඳහා වෙන්කළ මුදල් ඉහළ නැංවීමට ත් පියවර ගන්නා බව එරට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මීට පෙර ප්‍රකාශ කළේ ය.
No comments:
Post a Comment