ප්‍රංශයෙන් IS ඉලක්කවලට බෝම්බ විස්සක් - SANDHA HIRU NEWS

Breaking

Monday, November 16, 2015

ප්‍රංශයෙන් IS ඉලක්කවලට බෝම්බ විස්සක්

සිරියාවේ රකා නගරයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රංශ ප්‍රහාරක යානා පිටත්ව යන අයුරු දැක්වෙන වීඩියෝවක් ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
කැරලිකරුවන්ගේ බළකොටුවක් ලෙස සැලකෙන රකා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූයේ පුද්ගලයන් 129 දෙනකුට මරු කැඳවමින් ප්‍රංශයේ පැරිස් අගනුවර සිදු කළ ප්‍රහාර මාලාවේ වගකීම තමා විසින් භාර ගන්නා බව IS සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට දින දෙකක් ගත වීමෙන් අනතුරුවයි.
ප්‍රංශ ප්‍රහාරක යානා කැරලිකරුවන් ඉලක්ක කොට බෝම්බ 20ක් හෙළා තිබේ.
ප්‍රහාරයට ලක් වූ ඉලක්කයන් අතර අණ දෙන මධ්‍යස්ථානයක්, අවි ගබඩාවක් සහ සටන් කරුවන් පුහුණු කෙරෙන මධ්‍යස්ථානයක් වන බවයි ප්‍රංශ ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

තවත් ප්‍රහාරකයන් දෙදෙනෙක් හඳුනා ගැනේ

මීට අමතරව පැරිස් ප්‍රහාර මාලාවේ තවත් ප්‍රහාරකයන් දෙදෙනකු හඳුනා ගැනීමට ප්‍රංශ පොලිසිය සමත් වී තිබේ.





Image copyrightAP

'බතක්ලාන්' සංස්කෘතික කේන්ද්‍රයේ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ කරු විසි අට හැවිරිදි ප්‍රංශ ජාතික සැමී ඇමිමෝර් නම් පුද්ගලයා බව හඳුනා ගෙන ඇති ප්‍රංශ පොලිසිය පවසන්නේ 2012 වසරේ සිට ත්‍රස්තවාදී කුමන්ත්‍රණ චෝදනා යටතේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ පැවැත්වෙමින් තිබුණු බවයි.
අනෙක් ප්‍රහාරකයා 1990 සිරියාවෙදී උපත ලද්දෙකු වන අතර අහමඩ් අල් මොහොමඩ් නම් මොහු පැරිසියේ පාපන්දු ක්‍රීඩාංගන ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවකු වූ බවයි ප්‍රංශ පොලිසිය පවසන්නේ.
ප්‍රංශ විදේශ අමාත්‍ය මනුවෙල්ස් වෝල්ස් කියා සිටියේ ප්‍රංශය පුරා විහිදී සිටින බවට සැක කෙරෙන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් සෙවීමට එකසිය පනහකට අධික වැටලීම් ප්‍රමාණයක් පොලිසිය විසින් මෙහෙයවූ බවයි.





No comments: