ඓතිහාසික ඕලන්ද කුළුණ කඩා වැටෙයි - SANDHA HIRU NEWS

Breaking

Saturday, November 28, 2015

ඓතිහාසික ඕලන්ද කුළුණ කඩා වැටෙයි

කටාන, කඳවල ප්‍රදේශයේ පිහිටි ලන්දේසි කුළුණ අද අලුයම කඩා වැටී තිබේ.
අඩි 100ක පමණ උසකින් යුත් මෙම කුළුණ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් කුළුන කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
අප වාර්තාකරු පැවසුවේ, අද අලුයම කුළුන කඩා වැටීම හේතුවෙන් අසළ පිහිටි මාතෘ සායන ගොඩනැගිල්ලට ද හානි සිදු වූ බව ය.
ප්‍රදේශවාසීන් පවසන්නේ, ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම කුළුණ වසර 300 ක් පමණ පැරණි බව ය.
මෙය 1700 දී ලන්දේසින් සැදූ කුළුනක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයා ගෙන තිබේ.

No comments: