ලබන 01 වන දා සිට දුර ගමන් සේවා දුම්රියවල පාපුවරුවේ ගමන් කිරීම තහනම් - SANDHA HIRU NEWS

Breaking

Saturday, November 28, 2015

ලබන 01 වන දා සිට දුර ගමන් සේවා දුම්රියවල පාපුවරුවේ ගමන් කිරීම තහනම්

ලබන පළමු වන දා සිට දුර ගමන් සේවා දුම්රියවල පාපුවරුවේ ගමන් කිරීම තහනම් වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ගමනා ගමන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ, දුම්රිය ආඥා පනත යටතේ පාපුවරුවේ ගමන් කිරීම තහනම් වන බව ය.
එම නීතිය ලබන පළමු වන දා සිට බලාත්මක වන බව ද ඔහු සඳහන් කළේ ය.
විජය සමරසිංහ මහතා පැවසුවේ, මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ය.

No comments: