සේයා ඝාතනයේ සැකකරුට අධි චෝදනා - SANDHA HIRU NEWS

Breaking

Monday, November 23, 2015

සේයා ඝාතනයේ සැකකරුට අධි චෝදනා

සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තාට මීගමුව මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාරදුන්නේ ය.
ඒ, මහාධිකරණ විනිසුරු එම්.බී.කරුණාතිලක මහතා හමුවට විත්තිකරු ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
නීතිපතිවරයා ඔහුට එරෙහිව අධි චෝදනා 4 ක් ගොනුකර තිබේ.
මිනීමැරීම, පැහැරගෙන යාම, ලිංගික අපයෝජනය හා ස්ත්‍රී දූෂණය එම අධි චෝදනා වෙති.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමන් ජයලත් නමැත්තා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර විනිසුරුවරයා එහිදී ඔහුගෙන් විමසා සිටියේ නඩුවට පෙනී සිටීම සඳහා නීතිඥ සහායක් ලැබෙනවා ද යන්න පිළිබඳව ය.
එහිදී විත්තිකරු අධිකරණයට පැවසුවේ තමන්ට එවැනි නීතිඥ සහායක් ලබාගැනීමට නොහැකි බව ය.
ඒ අනුව විත්තිකරු වෙනුවෙන් රජයේ වියදමින් නීතිඥයෙකු ලබාදෙන ලෙස විනිසුරුවරයා නියෝග කළේ ය.
ජනවාරි 25 වන දිනට නඩු විභාගය කල් තැබූ විනිසුරුවරයා එතෙක් විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබේ.

No comments: